Monday, March 26, 2012

ඉන්ටෙල් ගුරු පුහුණුව (පළාත් තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය - වාරියපොළ)

වයඹ පළාතේ 5 වන ඉන්ටෙල් ගුරු පුහුණුව 2012 මාර්තු මස 21 වන දින සිට 28 දක්වා දින 8ක්, වාරියපොළ පළාත් තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී. මේ සඳහා නිකවැරටිය කලාපයේ ගුරුවරු 31 දෙනකු පාසල් 20 ක් නියෝජනය කරමින් පැමිණ තිබුණි.
වයඹ පළාත්  EKSP කළමනාකාරතුමන් පුහුණුව ආරම්භ කර සියලු ගුරුවරුන් හට පුහුණුවේ අන්තර්ගතය සහ වැදගත්කම මෙන්ම පාසලේ අනෙත් ගුරුවරුන් හට මෙය ලබා දීමේ වැදගත්කම අවබෝධ කර දුනි.
මධ්‍යස්ථානය හොඳ පරිගණක ජාලයක මෙන්ම ඉතා වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් තිබීම නිසා සියලු ගුරුවරු E-mail, Internet Search,Blogs සහ web Hosting යන ප්‍රයෝගික ක්‍රියාකාරකම් හොඳින් අත්හදා බලන ලදී.

පහත වෙබ් අඩවි ඔවුන් විසින් සදා යාවත්කාලින කළහ.



E-Mails Reply කිරීම, සම්පත් බෙදා ගැනීම, අනෙත් ගුරුවරුනට උදව් උපකාර කිරීම උසස් මට්ටමක තිබීම ඉතා අගය කල යුතුය.


පහත සටහන් වන්නේ පුහුණුව පිළිබද ඔවුන්ගේ අදහස් වේ.